ඔන්චිලි වාරම් කවි
සිංහල අවුරුදු කාලයට සෑම නිවසකම ඔන්චිල්ලාවක් බඳිනු අද
දකින්නට ලැඛෙz’ රූපවාහිනිය ගුවන්විදුලිය වැනි වෙනත්
විනෝදාංශ නොතිබුන අතීතයේ කතුරු ඔන්චිල්ලා බැඳිම ගමzබදව පැවති සිරිතකි පත්තිනි දෙවියන්ට පුද පුජා පවත්වා
බඳින මෙම ඔන්චිල්ලා විශේෂයෙහි විසිපහකට කිහකට එකවර නැගි යාමට අවශ්‍ය විදිහට බඳිනු ලැබේ’ දින හතක් හෝ දහහතරක් පවත්නා මෙම ඔන්චිල්ලා පැදීමට ගමේ සියලු දෙනාම ඒකරාශි වෙති’ ඔන්චිලි වාරම් හෙවත් ඒ අයස්ථාවේ ගායනා කරනු ලබන කවි ජන කවි සාහිත්‍ය පෝෂණය කිරිමේ මහගු මෙහෙවරක් ඉටු කර ඇත’
ඔන්චිලි චිලි
චිල්ල මලේ
වැල්ල දිගට
නෙල්ලි කැලේ
කඩන්න බැරි
කටු අත්තේ
කඩා දියන් මගේ මලේ
රනේ රුවසෙ ඇති
බාල ළදුන්නේ
කනේ තෝඩු දෙක දෙ
පිට වැනේන්නේ
ඉනේ සථව තදකර ඇඳ
ගන්නේ
අනේ ළඳුනි ඔන්චිලි
පැද පන්නේ
පරණ පරණ අය
මිසක පදිින්නේ
තරුණ තරුණ ළඳ
බලා සිටින්නේ
උරණ උරණ
සිතුනාද බොලන්නේ
සරණ සරණ ගෙන
පදිමු බුදුන්නේ
Onchili Waaram